අනාථනාථයාණනි
Anathanathayanani

Song

අනාථනාථයාණනි ගී පද / Anathanathayanani Lyrics

අනාථනාථයාණනි 
තුන්ලෝතල තිලකායමාන වූ සාඛ්‍යසිංහ වූ  
අනාථනාථයාණනි 
 
මුවින් සිනාසී සිතින් වෛර කරනා 
සිරුර වැළඳගෙන ගෙල සිරකොට හිස සිඳිනා 
බුදු දම් නැසූ රුදු මිනිසුන් දැක 
පඩුපුල් අසුන් උණු නොමවේද අද 
 
අනාථනාථයාණනි 
තුන්ලෝතල තිලකායමාන වූ සාඛ්‍යසිංහ වූ  
අනාථනාථයාණනි 
 
දෙතොල හලා හල විෂ තැන තැන ඉසිනා 
ප්‍රේමය සාමය පාගා බිඳ දමනා 
නොමිනිස් කැල නම් යහමග නොදකිත් 
සිව්වෙනි වරටත් බුදුහිමි වැඩියත් 
 
අනාථනාථයාණනි 
තුන්ලෝතල තිලකායමාන වූ සාඛ්‍යසිංහ වූ  
අනාථනාථයාණනි 
 
 
මෙම ගීතයට සවන්දීමට පහත සබැඳියට පිවිසෙන්න 
Please visit the following link to listen to this song
https://bit.ly/3MXO9hj

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS