අම්බිලියෝ අම්බිලියෝ පුතා නිදනවෝ ගී පද / Ambiliyo ambiliyo Lyrics
අම්බිලියෝ අම්බිලියෝ පුතා නිදනවෝ
රන් තැටියේ
සිනා පෙරා
රන් තැටියේ සිනා පෙරා
පුතුට අරන් වරෝ
වලා පෙළින් එහා රටේ
ළමා සුරංගනාවෝ
වලා පෙළින් එහා රටේ
ළමා සුරංගනාවෝ
දේදුන්නේ පාට හොරා
කැකුළු තොලෙන් සුවඳ උරා
සීන ලොවින් ටිකිරි සිහින
පුතුට ගෙනාවෝ
පුතුට ගෙනාවෝ
වලා පෙළින් සේල තනා
තරු අමුණා මාල තනා
රන් තැටියේ
සිනා පෙරා
රන් තැටියේ සිනා පෙරා
පුතුට අරන් වරෝ
