ඈත පෙනෙනා හිමව් කඳු මත
AETHA PENENA HIAVU KANDU

Song

ඈත පෙනෙනා හිමව් කඳු මත ගී පද / AETHA PENENA HIAVU KANDU Lyrics

ඈත පෙනෙනා හිමව් කඳු මත 
පිපුන දහසක් මල් අතරතුර 
සියලු ආශා මුදුන් පත් කල 
ඉතා සුවදැති මලක් පිපිලා 
 
කාන්තාරයේ මල් කුසුම් නේ 
විදින දහසක් වේදනා මැද 
ඈත කඳු මත මල් පිපෙන්නේ 
සැපෙහි පිණි බිඳු තුරුළු කරගෙන 
 
ඈත පෙනෙනා හිමව් කඳු මත 
පිපුන දහසක් මල් අතරතුර 
සියලු ආශා මුදුන් පත් කල 
ඉතා සුවදැති මලක් පිපිලා 
 
වනේ ඇති මල් හිමේ ඇති මල් 
පිපෙන්නේ ආශා නිසාමයි 
ඔව්න් නම් අප දෙස බලන්නේ 
අපේ ආශා සිඳ දමන්නයි 
 
ඈත පෙනෙනා හිමව් කඳු මත 
පිපුන දහසක් මල් අතරතුර 
සියලු ආශා මුදුන් පත් කල 
ඉතා සුවදැති මලක් පිපිලා 
 
මෙම ගීතයට සවන් දීමට පහත සබැදියට පිවිසෙන්න 
Visit the following link to listen to this song 
https://bit.ly/39AbyI9

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS