Wassane heene
වස්සානේ හීනේ
  • Category : Music Video
  • Year : 2017

  • Rap Lyrics

    Kaizer
    Kaiz
    Song

    Wassane heene ගී පද / වස්සානේ හීනේ Lyrics

    වස්සානේ හීනේ කඳුළේ පොගවාලා
    සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා
    හැමදාමත් ඉන්නම් මා
    තනිවෙලා
     
    කඳුලක උණුහුම ඇහිදාරේ
    ඉඳුරා පවසයි ඔබ මාගේ
    ප්රේමාලිංගන ආල කතන්දර
    විඳින්න නෑ අද වැලපේ හිත මාගේ
    වස්සානේ හීනේ කඳුලේ පොගවාලා
    සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා
    හැමදාමත් ඉන්නම් මා
    තනිවෙලා
     
    යහනක තනිකම ඉකි බින්දේ
    තුරුලේම වු හැටි ලය කන්දේ
    රෝස තොල් ළඟ හාදු වැස්සක
    තෙමෙන්න බෑ අද වැලපේ හිත මාගේ
     
    ආශාවරී නෑ ඇගෙ කඳුල දැන
    මට ඉඹින්න ඕනි උන් තලපු මල
    පුරවන්න හැදුවෙ නුඹේ සිඳුනු විල
    ඒකයි ආදරය අද ගෙවලා මිල
     
    උඹ පෝරක සරසල කර මගුල් පෝරුව
    යන්න හිතන් නුඹ එක්ක දුර
    බිලිකොක්කක් එයාගෙ ලස්සන රූපය
    මාලුවෙක් විතරයි මම ඒ මුහුදට
    වස්සානේ හීනේ කඳුලේ පොගවාලා
    සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා
    හැමදාමත් ඉන්නම් මා
    තනිවෙලා

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS