තිසර විලේ පියුම නෙලූ ගී පද / Thisara Vile Piyuma Nelu Lyrics
තිසර විලේ පියුම නෙලූ සිනාවේ
එළිය මගේ අරණ දොවා ගලා ඒ
ඒ සිනාවේ
සැඟ උනාවේ
පෙර ඔබත් මමත් පෙලූ කඳුළු දුමාරේ
ආදරයේ හීන මවා
ජීවිතයේ පාර කියා
සංසාර මගට රන් එළි වැට සේමා
ඔබ ඉරත් හඳත් මගේ අහසට ගෙනාවා
මාරුතයේ සිහිල සදා
සෝවිරහී තාප නිවා
අනුරාග දෙනෙත අයදින විලසේමා
ඔබ විලත් බිඟුත් එක යහනට ගෙනාවා..
