තාවකාලිකව මුණගැහුන
Thawakaliakawa Munagahuna
  • Category : Music Video
  • Year : 2022

  • Song

    තාවකාලිකව මුණගැහුන ගී පද / Thawakaliakawa Munagahuna Lyrics

    නම් දෙක එක ළඟ ලිව්වම එක හදවතයිනේ ඇන්දේ 
    අපි දෙන්නෙක් උනාට අපි හිටියේ එක්කෙනෙක් වගේ 
    සමුදෙන්නේ කොහොමද ඔයාට ඔබ මගේ හුස්ම වගේ 
    මගේ හදවත නිවන්න පුළුවන් ඔබට විතරයි ලඳේ 
     
    තාවකාලිකව මුණ ගැහුන පෙම්වන්තයෝ දෙන්නෙක් විලස 
    අපි දෙන්නගේ ආදර පුවත මුසුවෙයි හෙට ඉතිහාසයට //
     
    වැස්ස වාගේ නුඹ එන්න ඇවිත් මා තෙමලා යන්න 
    මට ලොකු තනිකමක් දැනෙනවා 
    දවස තිස්සෙම මට තියන රාජකාරිය ඔබ මැණික 
    ඒ තරමටම ඇබ්බැහි වෙලා .....
     
    තාවකාලිකව මුණ ගැහුන පෙම්වන්තයෝ දෙන්නෙක් විලස 
    අපි දෙන්නගේ ආදර පුවත මුසුවෙයි හෙට ඉතිහාසයට //
     
    අන්දකාරේ වැටෙනකොට කඳුළු උරනවා පපුවට 
    ඒ තරමටම මට රිදෙනවා 
    සඳට බෑ අහසේම ඉන්න ඉරත් එනවා පායන්න 
    නුඹත් අහසක් වගේ ඉන්නවා 
     
    තාවකාලිකව මුණ ගැහුන පෙම්වන්තයෝ දෙන්නෙක් විලස 
    අපි දෙන්නගේ ආදර පුවත මුසුවෙයි හෙට ඉතිහාසයට //

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS