තරු රෑන රිදි පාට පාට ගී පද / Tharu Rena Ridi Pata Pata Lyrics
තරු රෑන රිදී පාට පාට
පාවී දිලී ඈත මෑත
නීල වලා යාය සිසාරා
හඳපාන මුවා වී බලාවි
සීත පවන් ගී ගයාවි
පාලු රැයේ මා තනිවෙලා
ඈත පිපී රෑ කුසුමන් සුවඳ ගලාලා
පාලු මගේ පැල සරසා මෑත ඇදීලා
සීන රැයේ ඇ හිනැහේ ඈත රැඳීලා
දෑස ඇගේ මා කළඹයි සීත දැනීලා
තරු රෑන රිදී පාට පාට
පාවී දිලී ඈත මෑත
නීල වලා යාය සිසාරා
හඳපාන මුවා වී බලාවි
සීත පවන් ගී ගයාවි
පාලු රැයේ මා තනිවෙලා
මා තනිවූ තනි පැදුරේ අඳුර නිවාලා
දෑස මුදා නිදි දැහැනින් හැඟුම් දවාලා
මා නොපෙළා තව නොදිලෙන් කැලුම් නිවාලා
බාල සඳේ මා හැරයන් ඈත බලාලා
තරු රෑන රිදී පාට පාට
පාවී දිලී ඈත මෑත
නීල වලා යාය සිසාරා
හඳපාන මුවා වී බලාවි
සීත පවන් ගී ගයාවි
පාලු රැයේ මා තනිවෙලා