සුදු නැන්දා ඇයි ගේ දොර වැහුවේ ගී පද / Sudu Nanda Ai Ge Dora Wahuwe Lyrics
සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේ
මාමණ්ඩි මට ඇයි මඟහැරියේ
හීන් හඬට ඉකිබිඳුම් ඇහෙන්නේ
හීන් නඟා ඇයි ගේ මුල්ලේ
හීන් නඟා ඇයි ගේ මුල්ලේ
වෙනදා ඉඳිකඩ අද මට හරස් වෙලා
වයිරා දොරකඩ නොබලයි ඉව අල්ලා
රිදී පොටක් හංගා ගෙන ආවා
හීන් නඟේ නුඹ නෑ දන්නේ
හීන් නඟේ නුඹ නෑ දන්නේ
සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේ
මාමණ්ඩි මට ඇයි මඟ හැරියේ
හීන් හඩට ඉකිබිදුම් ඇහෙන්නේ
හීන් නඟා ඇයි ගේ මුල්ලේ
හීන් නඟා ඇයි ගේ මුල්ලේ
තටු පොරවාගෙන සැළයා කූඩු වෙලා
කනප්පුවෙන් පැන හෙප්පුව බිම වැටිලා
පාන් පැලට අද පර මල් වැඩලා
ගලේ විහාරෙත් ගොළු වීලා
ගලේ විහාරෙත් ගොළු වීලා
සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේ
මාමණ්ඩි මට ඇයි මඟ හැරියේ
හීන් හඩට ඉකිබිදුම් ඇහෙන්නේ
හීන් නඟා ඇයි ගේ මුල්ලේ
හීන් නඟා ඇයි ගේ මුල්ලේ
සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේ
මාමණ්ඩි මට ඇයි මඟ හැරියේ
හීන් හඩට ඉකිබිදුම් ඇහෙන්නේ
හීන් නඟා ඇයි ගේ මුල්ලේ
හීන් නඟා ඇයි ගේ මුල්ලේ
