සුභ ප්‍රාර්ථනා කියමන් ගී පද / Subha prarthana kiyaman Lyrics
සුබ ප්‍රාර්ථනා කියමන්
මා වටකර සතර දෙසින්
ගිලිහෙන මුත් මුවට මුවින්
ඔබේ මුවින් නැති පැතුමන්
මට නැත අගනේ
සුබ ප්‍රාර්ථනා කියමන්
සුබ ප්‍රාර්ථනා කියමන්
සුබ ප්‍රාර්ථනා....
මා ඈ කර මාල බඳින්නේ
ඔබේ නෙත් තරු සැලී දිලින්නේ
මා ඈ ගත සළු පළඳන්නේ
ඔබේ නෙත් අග කඳුළු පිරෙන්නේ
ගිගුම් හඬින් මගුල් සිලෝ..
පෝරුව දෙදරයි
සුබ ප්‍රාර්ථනා කියමන්
සුබ ප්‍රාර්ථනා කියමන්
සුබ ප්‍රාර්ථනා
මධුසමයට මගට බහින්නේ
ඔබෙ නෙත් පෙර මග හමුවන්නේ
රහසින් බැඳි පෙම සිහිවන්නේ
අප මින් මතු නැත හමුවන්නේ
ඔබ අන්සතු ළඳක් කියා
ඇයි මට කීවේ
සුබ ප්‍රාර්ථනා කියමන්
සුබ ප්‍රාර්ථනා කියමන්
සුබ ප්‍රාර්ථනා...
