සොයා නොගොසින දමා නගරය ගී පද / soya nogosina dama nagaraya Lyrics
සොයා නොගොසින දමා නගරය
ගයා හිස රමණීය වන ගැබ
භයානක සොර සතුරු බිය පිරි
වීදියේ වැඩ සිටී හිමි ඔබ..
තාර උණු කර දමා දෙපතුල
දූලි නංවා නඟී ගිනි කඳ
කෙසේ විකසිත වේද
ඔබෙ සිරිපා තබන්නට
තිබෙන සියපත..
කම්හලේ කලු දුමාරය මැද
තැම්බිලා ගිය ඇට සැකිලි දැක
රංචු ගැහෙනා ගිජු ලිහිණියන්
ගසා කනු දුටුවෝද හිමි සඳ..
හඹා දිව එන අඟුල්මල් වන්
වේදනා දුක් ගැහැට අග හිඟ
කෙසේ දමනය වේද ඔබගේ
දෙපා ළඟ බිම දමා ආයුධ..
සොයා නොගොසින දමා නගරය
ගයා හිස රමණීය වන ගැබ
භයානක සොර සතුරු බිය පිරි
වීදියේ වැඩ සිටී හිමි ඔබ..
