සොඳුර නුඹ ලිහිණියක ගී පද / Sondura Numba Lihiniyaka Lyrics
සොඳුර නුඹ ලිහිණියක
රැයේ අඳුරට හඩන
මමද ලිහිණියෙකු වෙමි
කැඩුණ තටු පිරිමදින ...
අහිංසක අප දෙදෙන
තටු කඩා මේලෙසින
සිඳීගිය ගඟ දෑල හැරදැමූයේ කවුද ..
සඳට දොස් නොකියන්න
සඳ කුමක් කරන්නද
බාල වයසින් මැරුණ
ප්‍රේමයකි තරු එළිය ..
කටුක දුක් විරහ මැද
අතරමංවී ගියද
අපි තවම පෙම් කරමු අපේ ජීවිතවලට
කියා දෙමු පියඹන්ට
අපි අපේ පැටවුනට
නිදහසේ තටු ලැබුණ කුරුල්ලන්වී දිනෙක ....
