සිටු කුමාරියේ …. නුඹට සීතල අගුණයි
Situ Kumariye

Lyrics

Rathna
Sri
Song

සිටු කුමාරියේ …. නුඹට සීතල අගුණයි ගී පද / Situ Kumariye Lyrics

සිටු කුමාරියේ …. නුඹට සීතල අගුණයි
වේල්පටින් මිදුනු දාට වැහි පිණි අපලයි
ප්‍රේමාතුර නුඹේ හිතට අග හිඟ නරකයි
අග හිඟ නරකයි ….
සිටු කුමාරියේ …. නුඹට සීතල අගුණයි
වේල්පටින් මිදුනු දාට වැහි පිණි අපලයි
 
කුලී ගෙදර වහල කැඩී සිංහල උළු බිදී
නිල් තරු එළි හීන රටෙන් ගලා හැලෙන්නේ
කුමාරියේ නුඹට කොහොම ඒක කියන්නේ ….
ඒක කියන්නේ ….
 
සිටු කුමාරියේ …. නුඹට සීතල අගුණයි
වේල්පටින් මිදුනු දාට වැහි පිණි අපලයි
ප්‍රේමාතුර නුඹේ හිතට අග හිඟ නරකයි
අග හිඟ නරකයි ….
සිටු කුමාරියේ …. නුඹට සීතල අගුණයි
වේල්පටින් මිදුනු දාට වැහි පිණි අපලයි
 
කණකර අන් සන්තක වී ජීවිත සින්න වී
පෝරුව ලෙඩ ඇඳක් වෙලා අම්මා නින්දේ
කුමාරියේ නුඹට කොහොම ඒක කියන්නේ ….
ඒක කියන්නේ ….
 
සිටු කුමාරියේ …. නුඹට සීතල අගුණයි
වේල්පටින් මිදුනු දාට වැහි පිණි අපලයි
ප්‍රේමාතුර නුඹේ හිතට අග හිඟ නරකයි
අග හිඟ නරකයි ….
සිටු කුමාරියේ …. නුඹට සීතල අගුණයි
වේල්පටින් මිදුනු දාට වැහි පිණි අපලයි

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS