සිත නිවා පහන් කළ ගී පද / Sitha Niwa Pahan Kala Lyrics
සිත නිවා පහන් කළ - සඳ එළිය නිවි නිවී
සිනා කෙළි කවට බස් - ගනඳුරට මුවා වී
මතක වක්කඩ බිඳී - සෝසුසුම් රළ නැගේ
ජීවිතේ මදින් මද - මා වෙතින් දුරස් වේ...
විශ්වය ම නිදා ගත් පාළු රෑ මැදියමේ
කඳු සිරස සිප වැළඳ සීතලට තුරුළු වේ
අන්ධකාරය ගයන සුපෙම් ගී ගායනා
මගේ දෙසවන රැඳේ හංස ගීයක් වෙලා...
සෙනෙහසින් වැළඳගෙන නොනිමි දුක් වේදනා
මහ පොළව සේ නිහඬ ජීවිතේ උහුළනා
දෑත පා විජය ටැඹ යදින මා මිතුරනේ
බැති පෙමින් ඔබ දකිමි මරණයේ කවුළුවෙන්...
