සිරි පොද වැස්ස වහි ගී පද / Siripoda Wassa Wahi Lyrics
සිරි පොද වැස්ස වහී හාදු දී සුළං ඇදී එතී
තෙමි තෙමි යමුද කොහේ මඟතොට නිවහනක් නැතී
වැව රවුමේ වැව රවුමේ - වැව රවුමේ වැව රවුමේ
සිරි පොද වැස්ස වහී හාදු දී සුළං ඇදී එතී
හිමිදිරි හඳපානේ නැළවෙන ගොයම වගේ
මගෙ සිත නැමේ නැමේ ඔබ සිත වෙතට නැමේ
පෙම් මල් පිපුණු හිතේ පුසුඹට නොවෙද නඟෝ
මගෙ සිත නැමේ නැමේ ඔබ සිත වෙතට නැමේ
සිරි පොද වැස්ස වහී ...................
සිරි පොද වැස්ස වහී හාදු දී සුළං ඇදී එතී
ලස්සණ වැව් ඉවුරේ නිල් දිය සරැළි බිඳේ
සිරි පොද වැටෙයි හිතේ වෙන්වී යමුද කොහේ
පෙම් මල් පිපුණු හිතේ මල් පෙති කැඩෙයි අහෝ
වෙන්වී යන්ට නොවේ ළංවී ඉඳිමු මෙහේ
සිරි පොද වැස්ස වහී ...................
සිරි පොද වැස්ස වහී හාදු දී සුළං ඇදී එතී ///
