සීතල සඳ එලියේ ගී පද / Seethala Sanda Eliye Lyrics
සීතල සඳ එළියේ.. පිදුන සුවඳ මලේ
නෑඹුල් සුවය පැතූ… බඹරො නුඹ නාඬන්
බඹරො නුඹ නාඬන්
සීතල සඳ එළියේ.. පිදුන සුවඳ මලේ
නෑඹුල් සුවය පැතූ… බඹරො නුඹ නාඬන්
බඹරො නුඹ නාඬන්
සඳලු තලාවේ මුනින්තලාවී
ඈත බලගෙන කඳුලු සලන්නි
සඳලු තලාවේ මුනින්තලාවී
ඈත බලගෙන කඳුලු සලන්නි
පරසතු මල් මකරන්ද සුවඳ මැද
බඹරො නුඹ නාඩන්.... බඹරො නුඹ නාඩන්
සීතල සඳ එළියේ.. පිදුන සුවඳ මලේ
නෑඹුල් සුවය පැතූ… බඹරො නුඹ නාඬන්
බඹරො නුඹ නාඬන්
සදාහරිත වන රේඛා මැද්දේ
මලානිකව ගලනා සඳ එළියේ
සදාහරිත වන රේඛා මැද්දේ
මලානිකව ගලනා සඳ එළියේ
රෑ හීනෙන් මුව ගෑ අඳුනක් දැක
බඹරො නුඹ නාඩන්- බඹරො නුඹ නාඩන්
සීතල සඳ එළියේ.. පිදුන සුවඳ මලේ
නෑඹුල් සුවය පැතූ… බඹරො නුඹ නාඬන්
බඹරො නුඹ නාඬන්
සීතල සඳ එළියේ.. පිදුන සුවඳ මලේ
නෑඹුල් සුවය පැතූ… බඹරො නුඹ නාඬන්
බඹරො නුඹ නාඬන්
