සසර පුරා ගී පද / Sasara Pura Lyrics
සසරපුරා මුතු පද අමුණා
ආදර ගීතය අද ගයනා
රන්හුයකින් දෙහදක් වියනා
මංගල සීනුව රැව්දෙනවා
අවිහිංසක පැතුමන් අපගේ
මෝදු වෙලා අද මල් පිපුනේ
සතුටු කඳුළු අද හැම දෙනෙතේ
සියොතුන් ආසිරි ගී ගැයුවේ
සසරපුරා මුතු පද අමුණා
ආදර ගීතය අද ගයනා
රන්හුයකින් දෙහදක් වියනා
මංගල සීනුව රැව්දෙනවා
පණවන් අපගේ දෙමාපියන්
නෑදෑ හිත මිතුරන් සමගින්
පතනා පැතුමන් එකම සිතින්
රැව්දෙනවා අද එකම හඬින්
සසරපුරා මුතු පද අමුණා
ආදර ගීතය අද ගයනා
රන්හුයකින් දෙහදක් බැඳුනා
දිවිය පුරා ඔබ මගේම වුණා
