HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න අල්ලි දෙකක් වත් දුර බැහැ අඩිය තියන්න ඇඟට හිරට මහල කොටට ඇඳල බලන්න අඳින්න මිනි ගවුම අඳින්න අඳින්න මිනි ගවුම අඳින්න ලීලී මාගෙ නෝන එයා මෙහෙම කියන්නෙ දැන් රටේ තොටේ කවුරුත් මිනි ගවුම් අඳින්නෙ මම කොහොමද සාරි ඇඳන් මහ මග යන්නෙ මටත් ගවුමක් ඔනෙ ඔව් මිනි ගවුමක් ඕනෙ මිනි ගවුමක් මොටද දැන්ම ඔයා සොයන්නෙ ඇයිද ලිලී මගෙ පපුවට ගින්දර දෙන්නෙ මිනි ගවුම් අඳින්නේ මැරුණට පසුනෙ දෙවියනේ මෙහෙම කිවුව ගමන් නෝනා මගෙ ඇඟට ගොඩවුනේ සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න... අපේ නෝනගෙ වැඩ පුදුමයි මට දැන් සිහිවෙනවා මැරුණෙ නැතුවම නෝන මිනි ගවුම් සොයනව බෑ කියන්නටත් ලෝබයි අඬ අඬ ඉල්ලනවා මිනි පෙට්ටි කඩෙන් මිනි ගවුමක් මෙ මං ඉල්ලුවා මිනි ගවුමක් සමග මිනි පෙට්ටියකුත් දුන්නා කාර් එකකුත් ලැබුණා ඒකෙම මමත් ගොඩ උනා ගේ ළඟටම එන්නා වට පිට සෙනග පිරෙන්නා එය දුටු මගෙ නෝනා මරහඬ දීගෙන පැන්නා සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න... මොකද දෙවියනේ ඔයාට වෙලා තියෙන්නේ මිනි පෙට්ටි මොටද ඇයි අද අපෙ කවුරුද මැරුණෙ එය ඇසුණු මගේ ඇඟේ මාලු ග‍ඟේ නටන්නෙ අපේ නෝනට මම මේ විදියට උත්තර දුන්නෙ මිනිගවුමක් දෙන්නෙ මිනි පෙට්ටියක් ගත්තම ගත්ත නිසයි ලිලී මම ගෙනාව දෙකම මිනි ගවුම කිව්වෙ කොට්ට උරය වගෙ කොට ගවුම නෝන කිව්ව එහෙම මට තේරුණ කරපු ගොන්කම සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න අල්ලි දෙකක් වත් දුර බැහැ අඩිය තියන්න ඇඟට හිරට මහල කොටට ඇඳල බලන්න අඳින්න මිනි ගවුම අඳින්න අඳින්න මිනි ගවුම අඳින්න අඳින්න මිනි ගවුම අඳින්න
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS