සල්ලි
Salli
  • Year : 2023

  • Feat

    KVN
    Rap Lyrics

    KVN
    Song

    සල්ලි ගී පද / Salli Lyrics

    මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුනාට 
    ගුණධර්ම අදුනන්නේ නෑ 
    අට ලෝ දහම නාදුනන සංසාරේ කල පවට 
    පින්දෙන්න කිසිවෙක්ට බෑ 
     
    කාසි ඇතිදාට නැති නෑයෝ ඕනෑතරම් 
    නම්බු ගරුනාම සැලකිල්ල හිතනාතරම් 
    අපි එනදා අරන් අවේ නෑ 
    අපි යනදා අරන්යන්නෙ නෑ 
    සල්ලි සල්ලි දෙයියන්ගෙ මල්ලි 
    සල්ලි සල්ලි දෙයියන්ගෙ මල්ලි 
     
    ( Rap )
    සල්ලි පස්සෙන් දුවලා සමහරුන්ට හොදටම හති,
    කටුස්සො වගෙ වෙනස් වෙන්නෙ මේ හොඳ නැති ගති,
    කාසි එද්දි, මේ වගේ දේවල් වෙද්දි,
    අඩි හයක් යටනම් වැඩක් නෑ බන් තේරෙද්දී.
    ඇතුවත් බැරි නැතුවත් බැරි කව්ද මැව්වේ මේ සල්ලි?
    අල්ලෙ තියන් නටවන දෙයියන්ගේ මල්ලි,
    නමුත් කොළ උන පලියට නෑනේ ගස් උඩ,
    එහෙම තිබ්බනම් කැමති අය දාන්න අත් උඩ!
     
    සල්ලි තිබුනාට ගුනධර්ම රකිනා එවුන් 
    හුස්ම ගියදාට සුරලෝකේ වැජබෙයි යෙහෙන් 
    භව සංසාරේ පව් පින් ලෙසේ 
    දුක සැප එන්නේ මේ ජිවිතේ 
    සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි 
    සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS