සලන සුසුම සැඩ සුළඟයි ගී පද / Salana Susuma Lyrics
සලන සුසුම සැඩ සුළඟයි ගලන කඳුළු වැසි වතුරයි
දුකින් වෙලී අන්ධකාරයේ යන මේ ගමනේ
අපේ පැතුම් නැවුම් ලොවට පාර කියනවා
පාර කියනවා - පාර කියනවා
ජීවිතයේ පීඩිත හද වේදනා යටින්
රණ ගීයක ජය නාදය ඈත ඇසෙනවා
මේ ගමනට ඒ ගීයෙන් දිරිය ලැබෙනවා
පහන් තරුව පායා එන නවෝදයට දොර අරින්න
පහන් තරුව පායා එන නවෝදයට දොර අරින්න
ඔබෙි දෑත අපට දෙන්න සොහෝයුරනි සොහොයුරියනි
සොහෝයුරනි සොහොයුරියනි
