සද්ධර්ම මකරන්ද පද රශ්මි ජාලා ගී පද / Saddharma Makaranda Lyrics
සද්ධර්ම මකරන්ද පද රශ්මි ජාලා
මුනි චන්ද්ර ජයකේතු ආකාශ මාලා
පරදුක්ඛ භවනාථ හිමි බුද්ධ ලීලා
දුක සෝක සංතාප පලවා හරිත්වා..
ජින සූර්ය රජ වංශ මුණි කේතු මාලා
දින චන්ද්ර පිය රාජ මුණි මන්ත්ර ජාලා
භව දුක්ඛ ජය නාථ හිමි බුද්ධ ලීලා
දුක සෝක සන්තාප පලවා හරිත්වා
මනු වංශ කුලජාත අභිරූප ලීලා
මුණිවංශ ගුණ ඥාණ සද්ධර්ම ජාලා
තිරසාර දනනාථ හිමි බුද්ධ ලීලා
දුක සෝක සන්තාප පලවා හරිත්වා
