රෝස බටිත්ති
Rosa Batiththi
  • Year : 2023

  • Lyrics

    Harshana
    K
    Song

    රෝස බටිත්ති ගී පද / Rosa Batiththi Lyrics

    ඉඟ සුඟ පද්දා කොහෙ යන්නෙ ප්‍රියාවී
    පස්සෙම එන්න හිතේවී 
    හිත මගෙ ඉන්නෙ මුලාවී
    තුරුලට එන්න මගේ ඉන්න සිනාවී
    මගෙ හිත ගත්ත මනාලී
    උම්මම දෙන්න හිතේවී... 
     
    ලොකේම තියෙනා හැම දේ පරදා
    මට ඔය මූන නගේ ආස හිතෙන්නේ 
     
    බලනා බලනා හැම තැනම ඔයා
    මගෙ සුදු නෝටි කෙලිච්චි 
    ලස්සන රෝස බටිත්ති..// 
     
    තොල ලග තිතක් තියාවී ලස්සන හිනාව පාවී
    කම්බුලෙ වලක් ගැහේවී මගෙමයි සුරංගනාවී 
    ඔය ඇස් කතා කල හැකි බැල්මට මුලාවී ඇති
    උනොතින් මාගේ මනාලී දිවියම සුවද කරාවී... 
     
    ලොකේම තියෙනා හැම දේ පරදා
    මට ඔය මූන නගේ ආස හිතෙන්නේ... 
     
    බලනා බලනා හැම තැනම ඔයා
    මගෙ සුදු නෝටි කෙලිච්චි
    ලස්සන රෝස බටිත්ති..// 
     
    රැලි කොන්ඩයක් තියේවී දුටුවන් වශී කරාවී
    අඩුවක් නැතේ ප්‍රියාවි ඔබ පිලිමයක් සාරාගී 
    හිතවත් කමක් නැගේවී - මට ඔබ හුරුයි දැනේවී
    රන්මුදු පලන්දව හැකි - නැකතක් තියෙයි උදාවී

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS