රන් තොල් පෙත්තේ ගී පද / Ran Thol Peththe Lyrics
බලන්න යන්තම් ගොතන්න පෙම් මල්
මනාප වෙන්නම් මා
අනංග ගෙත්තම් මවන්න සිත්තම්
සිනාව ගෙනාවා මා
රෑ හීන හෝරාවේ
මනමාල ආශාවේ
සෘංගාර හීනේ පාවෙලා
රන් තොල් පෙත්තේ මල් පෙත්තේ
මායම් බලා
මල්වන් වැස්සේ සිත් ගැස්සේ
සායම් ගලා
තුන් පෑ තිස්සේ ඇස් මත්තේ
වෑහෙයි නුරා
නිල්වන් නිල්ලේ යං කෙල්ලේ
වෑයම් දරා
(Rap)
ඇස් පෙති උස් කර මත්කල බැල්මෙන්
කෙස් රොද ගස්සන සංකර කෙල්ලෙක්
පා කල චුම්බන ආදර වැස්සෙන්
මා හද කම්පන අකුණක සද්දෙන්
උස් මහත් වුනෙ විදියට නම්බුකාර
හිත ගත කලඹමි මවා ඉන්ද්‍රජාල
වශීවේ ඉඟසුඟ රූපසාර
එන්න එන්න එක්ක යන්න සිහිනයට පාට
වැටි නැගිටිමි උගනිමි චක්කරේ
දුක සැප විඳ වවනෙමි අක්කරේ
නම ගිය බව ඇත සති අන්ත පත්තරෙ
කරකමි ආපසු ඔරලෝසු කටු තප්පරේ
බෝසත් ගති ඇත්තෝ ගැන කූරූ
දින සති ගෙවනවා ලැග හිරකූඩූ
සඳ තරු හිරු යට යුක්තිය ඕනේ
මැදුරෙන් පැදුරට වැටුනත් කාරි නෑනේ
නටන්න ගස්සන් නිදැල්ලේ පද්දන්
සාරාගී පිල්ලන් පා
සුරූපී වත්කම් මගේම වෙයිනම්
බැඳේද සිනාසලා
රෑ හීන හෝරාවේ
මනමාල ආශාවේ
සෘංගාර හීනේ පාවෙලා
රන් තොල් පෙත්තේ මල් පෙත්තේ
මායම් බලා
මල්වන් වැස්සේ සිත් ගැස්සේ
සායම් ගලා
තුන් පෑ තිස්සේ ඇස් මත්තේ
වෑහෙයි නුරා
නිල්වන් නිල්ලේ යං කෙල්ලේ
වෑයම් දරා
