පිය සටහන්
Piya satahan

Lyrics

Sunil
R.
Song

පිය සටහන් ගී පද / Piya satahan Lyrics

පිය සටහන් මැකී නොමැත තව
මා ආ දිගු ගමනේ
මගේම පියවර මත පිය නඟමින්
ඔබ එනු දුටුවෙමි මා ලුහුබඳිමින්
 
ගිරි ශිඛර මුඳුන් වල
වන ලැහැබේ අතු අග
දෝංකාර දුන් එදා ගැයූ ගී මා ඔබට ගැයූ ගී
ඇසේද තවමත්
ඇලේ දොලේ ගලනා ගීයේ
පිය සටහන් මැකී නොමැත තව
 
රළු බොරලු ගමන් මග
වැලි තලා වැනිය අද
හැරී බලමි මම් ඔබේ ඇසින්
ඔබ නොදුටු ඇසින්
නොයේද මතුවට
ඔබත් මමත් හමුවන දවසක්
පිය සටහන් මැකී නොමැත තව

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS