පිච්ච මල් පිපී හිනහෙන ගී පද / Pichcha Mal Pipee Lyrics
පිච්ච මල් පිපී හිනැහෙන යාපා පටුනේ දොරකඩ
නෙළුම් මලක සුවඳ පොදක් විකසිත වේදෝ - විකසිත වේදෝ
නෙළුම් මල් පිපී වැව් තෙර වසා පිච්ච මල් සුවඳින්
වියන් බඳින්නට ලෙන්ගතු සුරත ලැබේදෝ - සුරත ලැබේදෝ
නිල් කටරොල් මල් අතරින් සීගිරි කැටපත් පවුරට
සංගම් යුගයේ සබැඳුන කවත් ලියාදෝ
පය පෑගෙන වාහල්කඩ පසුකර යන්නට පළමුව
සඳකඩ පහනක ගව පෙළ අමතක වේදෝ
පිච්ච මල් පිපී හිනැහෙන................
යාය පීදිලා ඇස්වහ කා කොටා වැටී එරෙහිව
කෝවිලේ කොතින් දාගැබ දකින්න හැකිදෝ
පිරිත් පුරන බෝ මළුවට සිලම්බුවේ බර වැඩි නැත
පුරා පෝය සඳ දෝතට සෙමින් වඩීදෝ
පිච්ච මල් පිපී හිනැහෙන................
