පන්සල පාමුල ගී පද / Pansala Pamula Lyrics
පන්සල පාමුල ඔබ හැමදාමත්
නෙළුම් කැකුළු පුබුදා විකුනනවා
එනමුදු ඇයි ඔබ බුදුන් වඳින සේ
බෝමළුවට පා නොතබන්නේ
යන්නට මට ඉඩ අවසර නොදෙනා
මේ මල් අතිනත පන්සල් යනවා
මගේ දිවි රැකදී බුදු සිරිපා ලඟ
පෙරුම පුරාගෙන පරවෙනවා
ඔබේ අතැඟිලි තුඩු කැකුළු පුබුදුවන
බමර තුඩකි පිපි මල් ගොමුවේ
දිලිඳුකමට හුරු මේ අතැඟිලි තුඩු
බමර සැපත නොපතා ගොළුවේ
බමරකු වී මතු මල් රොන් ගන්නට
මලක් පුදමි අද ඔබේ නමින්
මල් විකුනන ලොව බමරෙකු වූ දා
අසරණවෙයි අද වාගෙම මම්
