පාලු අමු සොහොනේ ගී පද / Palu Amu Sohone Lyrics
පාලු අමු සොහොනේ
සක්වල ගලේ සෙවනේ
වින කරන යකුනේ
වරෙව් මේ දොල ගන්න සැනිනේ
වරෙව් මේ දොල ගන්න සැනිනේ
ඉන්ද්ර දිගේ ගිරි මුදුනේ වසන යකා
අන්ධකාර සෙවනැල්ලෙන් ඇදෙන යකා
නින්ද වැදී සිටි මගෙ පුතු ගෙන සැනෙකා
ලන්ද දෙසට කැන්දන් ගියෙ මන්ද යකා
මහ රැයක ගෙට පැන
මගෙ පොඩි එකා ඩැහැගෙන
ලේ උරා බිලිගෙන..
ගියා මහ මඟ දමා මළකුණ
ගියා මහ මඟ දමා මළකුණ
කාටත් දොසක් නොමැතිව මගෙ පුතු හැදුවේ
මේ පත් විපත කෙලෙසක ඉවසමි ඉතිනේ
ජීවත් වෙලා මොකටද පුතු නැති සඳිනේ
මාවත් අරන් පල මල සොහොනට යකුනේ
මාවත් අරන් පල මල සොහොනට යකුනේ
මාවත් අරන් පල මල සොහොනට යකුනේ
මාවත් අරන් පල මල සොහොනට යකුනේ
