පබළු නගේ නාමල් තිලකේ ගී පද / Pabalu Nage Lyrics
පබළු නගේ නාමල් තිලකේ
පුංචි ඔසරි මැණිකේ
සුමනෝ... උඹ ඇයි නැත්තේ
වැවේ දියේ ඇති නිකිණි නිමිල්ලේ
අඩ හඳ යායට කෙකටිය පිපිලා
වැව් කන්දේ බෝ ගස් හෙවණේ
මම අද තනියම ඔළිඳ ගණිනවා
වෙනදා වාගෙම තල මල පිපිලා
තිබුණට ඇළ ලඟ වත්තේ
සුමනෝ... උඹ ඇයි නැත්තේ
මළ හිරු එළියෙන් කොක්කු ගියාදෝ
මිහින්තලා ගල පැත්තේ
පිරුවට ඇඳ පෙට්ටියක තියාලා
පාන් දෙකක එළි මැද්දේ
මදටිය වැටෙද්දි හඳ කැලතෙන ඇළ
ඒ දණ්ඬේ ඉස්මත්තේ
සුමනෝ... උඹ ඇයි නැත්තේ
