ඔය ඇස් කතා කරනවා
Oya As Katha Karanawa

Song

ඔය ඇස් කතා කරනවා ගී පද / Oya As Katha Karanawa Lyrics

එක හීන රෑක දෑත දෑත යා වෙලා
හිම රේණු නෑවි නෑවි තුරුලු වෙලා
ඔබ නේද ඈත ඈත ඈත පා වෙලා
හිත ආයෙ ආයෙ ආයෙ හොයන කෙනා
 
ඔය ඇස් කතා කරනවා
මගෙ දිහා බල බලා
හිරි මල් හිතේ නැවතිලා
ඉන්නටම දිවි පුරා
හදවත ඉතිරී ඉතිරී ගලන මේ
හැඟුම දෝ ආදරේ
 
ඔය ඇස් කතා කරනවා
මගෙ දිහා බල බලා
හිරි මල් හිතේ නැවතිලා
ඉන්නටම දිවි පුරා
හදවත ඉතිරී ඉතිරී ගලන මේ
හැඟුම දෝ ආදරේ
 
කොපුල් සිඹින යාමයේ
පබළු වැටෙන සීතලේ
අනන්තයට පියඹලා යන්න
අත්තටු හොයන්නෙපා
හැඟුම් සුවඳ මාරුතේ
පොකුරු පිපෙන ආදරේ
පුළුන් රොදක ගුලි වෙලා ඉන්න
ඇස්වහ වදින්නෙපා
 
පුරුදුත් වගේ දැනෙනවා
පෙර භවේ හමුවෙලා
හුස්මක් පවා වටිනවා
අපි අපේ හිතෙනවා
හදවත ඉතිරී ඉතිරී ගලන මේ
හැඟුම දෝ ආදරේ
 
ඔය ඇස් කතා කරනවා
මගෙ දිහා බල බලා
හිරි මල් හිතේ නැවතිලා
ඉන්නටම දිවි පුරා
හදවත ඉතිරී ඉතිරී ගලන මේ
හැඟුම දෝ ආදරේ

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS