ඔබට යන්නම ඕනෑ නම් ගී පද / Obata Yannama Ona Nam Lyrics
ඔබට යන්නම ඕනෑ නම්.
ඔබ යන්න ඉතින් නික්මී.
මේ කාමරයේ පුරා රැදුනු සුවඳත් අරගෙන
ඒ සුවඳ ඇවිත් මගෙ සිත පාරයි.//
පුරහද දියවෙනවා සේ.
කළුවරටත් නොකියා.
ඔබ යන්න කලා සොලොසම සපුරා.
හෙට මළගම දා දියවක වී
ඉදින්න සුදු ඇදලා...
ඔබට යන්නම ඕනෑ නම්...
තරුවක් බැස යනවා සේ.
පා සලකුණු නොතියා.
ඔබ යන්න පාළු අහසින් බැසලා.
හෙට මළ හිරුගේ ඉහඉද්දර.
ඉන්න ඇවිත් පායා.
