නුඹයි මමයි
NUMBAI MAMAI
  • Year : 2022

  • Song

    නුඹයි මමයි ගී පද / NUMBAI MAMAI Lyrics

    නුඹයි මමයි හමුවෙන්නෑ ආයේ
    ඉරයි හඳයි හමුවෙන්නෑ වාගේ
    වෙන මල්වලින් රොන් බී හොරෙන්
    මෙහෙ එන්නෙපා පියඹලා
    නුඹයි මමයි හමුවෙන්නෑ ආයේ
    ඉරයි හඳයි හමුවෙන්නෑ වාගේ
     
    දුටු මුල් දිනේදී පෑ චාටු වදනින්
    ඔබ මා පෙමින් යාවුණා
    මිතුරන් කියූ දේ නෑසූ නිසාවෙන්
    අද මා මෙසේ තනිවෙලා
     
    නුඹයි මමයි..
     
    මා අන්ධ වූ ඒ ඔබගේ මුලාවෙන්
    ඈවත් රවට්ටන්නෙපා
    මා දෑස කඳුළින් නැහැවූ විලාසෙන්
    කාටත් දුකක් දෙන්නෙපා
     
    නුඹයි මමයි..

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS