නිල්ගිරි හිස ගී පද / Nil Giri Hisa Lyrics
නිල්ගිරි හිස රූමස්සල ළඳුනි රූබරා
ලොල් වඩවන පලා පැහැති ලැමද ගෝමරා
මල්සර දුටු දෝ වැදුනිද මලවි හී සරා
නිල්ගිරි හිස රූමස්සල ළඳුනි රූබරා
තුංග නැව් බඳේ කුඹ ගස
නංවමින් රුවල් සිරසට
එතෙර නැතී මහා සමුදුර
ගෙවා සපැමිණා..
නුඹට පෙම් බැඳා සුදු දන
නුඹ වැළඳ නිදා යහනක
රැගෙන ගිය සදා සම්පත්
එතෙර පොදි බැඳා
එතෙර පොදි බැඳා..
නිල්ගිරි හිස රූමස්සල ළඳුනි රූබරා
ලොල් වඩවන පලා පැහැති ලැමද ගෝමරා
මල්සර දුටු දෝ වැදුනිද මලවි හී සරා
නිල්ගිරි හිස රූමස්සල ළඳුනි රූබරා
මුතු පබලු විදා හිනැහුනු
තම්බපණ්ණියේ වෙරළට
සින්න කලාදෝ උන්ටම
කොමල ලවැලියේ..
ලාදි වසන්තෙට පරංගි
වැළඳ සිරුර ගිනි දැල්වුන
වැන්ද මූණ රූමස්සල
නුඹද සලෙලියේ
නුඹද සලෙලියේ..
නිල්ගිරි හිස රූමස්සල ළඳුනි රූබරා
ලොල් වඩවන පලා පැහැති ලැමද ගෝමරා
මල්සර දුටු දෝ වැදුනිද මලවි හී සරා
නිල්ගිරි හිස රූමස්සල ළඳුනි රූබරා
