නිදහස් බයිලා
Nidahas Baila

Song

නිදහස් බයිලා ගී පද / Nidahas Baila Lyrics

මාස්ටර් බයිලා අපි ගෙතු රස කරලා 
ඇහිද ගනිල්ලා මේවා නිවහල් බයිලා 
කතරට සහරා ගලන ලෙස රස දහරා 
එලි සම නොමරා ගයමු නිදහස සමරා
 
නිදහස ලැබුනා මල්ලි නිදහද ලැබුනා.. 
තලු මරත්නට මිහිරි අකුරු හතරක් ලැබුනා 
ගීයක් ලැබුනා ජාතික කොඩියක් ලැබුනා 
එලිවෙනකොට නිදහස අහසින් ගෙට වැටුනා
 
කොඩිය සුද්දගේ මල්ලි සිංහයා අපේ 
ලණුව සුද්දගේ උනත් කොඩි ගහ අපගේ 
නෑ බැට කෑවේ නේරු පාටල් වාගේ 
නෑ දිවි දුන්නේ මහත්මා ගාන්ධි වාගේ
 
ලේ හැලුනේ නෑ සුදා තරහා වුනේ නෑ 
යන්ට ගියෙත් නෑ නොගිහින් හිටියෙත් නෑ 
අදත් බොමු ඒ නිදහස් පාන් සුමිහිරි 
තවත් සුමිහිරි අද ඒ පාන් සුමිහිරී
 
සිතන්ට නිදහස ලියන්ට කියන්ට නිදහස 
බනින්ට නිදහස ඇති රට මේ උත්තම රට
බයිලා කියා පුද දෙමු අපි ස්වෛරි සිරි ලක 
නිවන් දකිත්වා අපගේ ජන නායක කැළ

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS