නෙලා ගන්න බැරි හින්දයි
Nela Ganna Bari Hindai

Song

නෙලා ගන්න බැරි හින්දයි ගී පද / Nela Ganna Bari Hindai Lyrics

නෙලා ගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට ලස්සන
නෙලා ගෙනා කිසිම මලක් නෑ ඔය තරමට ලස්සන
 
හීන මවාගෙන දහසක් තනියෙන් රස විඳපූ
බිතු සිතුවම් රූ මෙන් හද තෙලි කඩ මත ඇදපූ
ලොවට හොරා පැස පුරවා ගෙනැවුත් හැඩ බලපූ
ලස්සන නැති හැටි මල් වල ඉස්සර මං නෙලපූ
 
මුහුන දෙමින් සර පහරට අනංගයා විදපූ
නොදැක හිටිය දවස් වලට ඉකි බිඳ බිඳ හඬපු
කාත් කවුරුවත් නැති තැන තුරුල් වෙලා දොඩපූ
පැහැය සුවඳ කොහෙ ගිහින්ද මල් වල මං නෙලපූ

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS