මේ ජීවන ගංගා ධාරයේ
Me Jeewana Ganga Dharaye

Music

H
M
Song

මේ ජීවන ගංගා ධාරයේ ගී පද / Me Jeewana Ganga Dharaye Lyrics

 
" ස්වප්නයෙන් යථාර්ථයට
  අවිද්‍යාවෙන් විද්‍යාවට
  අවිචාරයෙන් විචාරයට  
  අන්ධකාරයෙන් ආලෝකයට    
  අසත්‍යයෙන් සත්‍යයට.....'
 
මේ ජීවන ගංගා ධාරයේ
දෙපස පිපී ඇති ප්‍රාර්ථනා මල්
නෙලා නොගන් මිතුරේ
නෙලූ මලේ නටුවෙන් ගලයි රතු ලේ
රතු ලේ මුසුවේ නීල වර්ණ වූ
ජීවන ගංගා ධාරයේ
 
ප්‍රාර්ථනාවන් ප්‍රාර්ථනා සේ
තබාගන්න මිතුරේ
ඉටුකර ගත් ඒ ප්‍රාර්ථනා වෙන්
ගලයි රතු ලේ
 
ප්‍රාර්ථනා වන් පිරුණු ලොවේ සිට 
ගී ගයනා මට ප්‍රේම කරන්
යාබද අසුනේ හිඳ ගී අසනා
සහෘදයන් හට ප්‍රේම කරන්
 
හෙට දින ඉදිවන පෙමින් පිරුණු ලොව
උණුන් වැලඳ සිප සැනසෙනු පිය මිතුරේ
පෙමින් පිරුණු ලොව එකම රටක් ලෙස
එකම දැයක් ලෙස
නැගී සිටිනු මිතුරේ
ගැටී මියෙමු මිතුරේ

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS