මලට රේණු සේ
Malata Renu Se

Song

මලට රේණු සේ ගී පද / Malata Renu Se Lyrics

මලට රේණු සේ ඔබ ලග ඉන්නම් 
සදට තරුව සේ තනිය මකන්නම් 
නෙතට කදුල සේ නෙත ලග ඉන්නම් 
මියෙන තුරා ආදරෙයි කියන්නම් //
 
සිනා පිරුණු මුව නිරන්තරේ පෙනේවි නම් 
ආල කතන්දර හොර රහසේ කියාවිනම් //
ඔබේ තුරුල්ලේ උණුසුම් සුව ලැබේවි නම් 
මියෙන තුරා ආදරෙයි කියන්නම් 
 
මලට රේණු සේ........
 
පාළුව මකනා කවියක් සේ ඇසේවි නම් 
මා සවනේ රැවු දිදී රැදී ඉදිවි නම් //
ඔබ කිසිදා මා සිත නොතලා රැදේවි නම් 
මියෙන තුරා ආදරෙයි කියන්නම් 
 
මලට රේණු සේ.......

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS