මලට හිරිහැරද ගී පද / Malata Hiriherada Lyrics
මලට හිරිහැරද මලේ මුදු මුවරද
විලට හිරිහැරද විලේ පිපි ඉඳුවර
රැයට හිරිහැරද රැයේ නැඟි පුර හඳ
නුඹට හිරිහැරද කියන් මගෙ සෙනෙහස..
මල නැති දා මල් මුවරද කොයින්දෝ
විල නැති දා විල් ඉඳුවර කොයින්දෝ
රැය නැති දා රෑ පුර හඳ කොයින්දෝ
නුඹ නැති දා මට සතුටක් කොයින්දෝ..
මලේ පැතුම මල් මුවරද නොවේදෝ
විලේ පැතුම විල් ඉඳුවර නොවේදෝ
රැයේ පැතුම රෑ පුර හඳ නොවේදෝ
මගේ පැතුම සුහදේ නුඹ නොවේදෝ..
