මල් හසරැල් පීදී ගී පද / mal hasarel pidi Lyrics
මල් හසරැල් පීදී දුක් කදුළැල් සේදී
සොඳුරු වසන්තේ සිරි නරඹන්නට එනවාද
මිතුදම් යළි හාවී මල් දම් ලියලාවී
සිහින දනව්වේ සිරි නරඹන්නට එනවාද
සරදම් සිත් රිදවනවා
කළකම් නම් ඵල දෙනවා
මෙල්ල කරන් සිත නිල්ල නෙළන්නට එනවාද
පායන පුන් සඳ සේ සිත් පීදෙයි සොඳසේ
සීනු සිනා හඩ සවනපිනා යන්නේ
ජිවිතයේ දුක් ගින්දර පාවී යාවී
ආදරයේ නාමෙන් රත් පියුම් පිපේවී
රැඟුම් ගැයුම් මැද නැවුම් හැඟුම් විකසිත වේවී
මල් හසරැල් පීදී දුක් කදුළැල් සේදී
සොඳුරු වසන්තේ සිරි නරඹන්නට එනවාද
මිතුදම් යළි හාවී මල් දම් ලියලාවී
සිහින දනව්වේ සිරි නරඹන්නට එනවාද
සරදම් සිත් රිදවනවා
කළකම් නම් ඵල දෙනවා
මෙල්ල කරන් සිත නිල්ල නෙළන්නට එනවාද
නිම්හිම් නැති සසරේ කෙම් බිම් මැදිව මෙසේ
ආදර ලෝකෙට පාර කියා දෙන්නේ
නිම්හිම් නැති සසරේ කෙම් බිම් මතුවන සේ
ආදර ලෝකෙට පාර නියාදෙන්නේ
ජිවිතයේ දුක් ගින්දර පාවී යාවී
ආදරයේ නාමෙන් රත් පියුම් පිපේවී
රැඟුම් ගැයුම් මැද නැවුම් හැඟුම් විකසිත වේවී
