මගේ සඳ ඔබ
Mage Sanda Oba

Song

මගේ සඳ ඔබ ගී පද / Mage Sanda Oba Lyrics

මගේ සඳ ඔබ - මගේ සඳ ඔබ
එදා සඳ නොව - මෙදා සඳ ඔබ
මගේ සඳ ඔබ මගේ....
 
එදා මට ඔබ සරා සඳ විය..
කවි ඇසින් දුටු සොඳුරු පියකරු..
අඳුරු හද ගැබ එකලු කරමින්.. 
උදාවිය ගිරි ශිඛර සිරසේ...
 
මගේ සඳ ඔබ...
 
මෙදා මට ඔබ සැබෑ සඳමය..
විදු ඇසින් දුටු ලොවය විසකුරු..
ප්‍රාණයෙන් තොර වියලි සඳසේ..
ඔබද අදමා අසල ගැවසේ...
 
මගේ සඳ ඔබ...

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS