ලෝකෙන් උතුම් රට
Loken Uthum Rata

Song

ලෝකෙන් උතුම් රට ගී පද / Loken Uthum Rata Lyrics

පෙර රජ දවස  වැව් දාගැබ් ගනන් කොට...
ගල් කණු අසළ හපකරමින් බුළත් විට...
ඇවිදින විටත් නිදියන දූ පුතුන් ලද....
ඒ මගෙ නිජ බිමයි ලෝකෙන් උතුම් රට...
 
කහට කෝප්පේ පොඟවා ගිළින්නට...
පාන් කෑල්ලක් යදිනා දනන් හට...
ඇස් නැත සිදුව ඇති දේ ගැන දකින්නට…
එනමුත්  මගෙ රටයි ලෝකෙන් උතුම් රට…
 
රැවටී සුවහසක් බොරු කාරයින් හට…
පාඩම් ලබා නැත යුග යුග ගනන් සිට…
දෑසේ කඳුළු ඉතිරිව නැත හඬන්නට…
එනමුත්  මගෙ රටයි ලෝකෙන් උතුම් රට…
 
උගසට තබා මගෙරට පිට රටුන් හට…
ලොව බලවතුන් අභිමුඛයේ දනින් සිට…
සිගමන් යදිමු සාගින්දර නිවන්නට...
එනමුත්  මගෙ රටයි ලෝකෙන් උතුම් රට…

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS