ළසොවින් හඬන්නේ
Lasowin Handanne

Song

ළසොවින් හඬන්නේ ගී පද / Lasowin Handanne Lyrics

ළසොවින් හඬන්නී ... හඩමින් තැවෙන්නී...
සඳ ගිරිහිසේ කිඳුරියද මේ සෝකෙන් වැලපෙනා
තනිවී වනේ.....
 
ඝන වනතලාවේ දඩයම් සොයා ආ...
නුවරුන් තනාලූ උගුලේ වැටී..
කිඳුරිය තැවෙන්නී ප්‍රාණය යදින්නී
හැවිලි හවමින් වනේ වරළසිදිමින් හිසේ
ලසොවින් හඩන්නී... හඩමින් තැවෙන්නී....
 
දිය කඳුරු දෑලේ මනරම් රැගුම් පා
මිහිරෙන් උදම්වූ ළිය ගී ගයා
වන ලිය පෙළෙන්නී... නුවරුන් සොයන්නී
අසනි වර්ෂා වැටේ දෙරණ ගින්නෙන් දැවේ
ලසොවින් හඩන්නී ... හඩමින් තැවෙන්නී...

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS