කුමක් ද මරණය
Kumakda Maranaya

Song

කුමක් ද මරණය ගී පද / Kumakda Maranaya Lyrics

කුමක්ද මරණය...?
අස්ථිර සුසුමක් නැවත නොගන්නට 
සුළඟට දන් දීමයි...
ඒ හිස් සුසුමට අරුතක් එක්කර
මරණය උත්තම පූජාවක් කරමූ...
 
 නෙක නෙක වෙස් ගෙන සබේට සපැමිණ
පිදේනි ඉල්ලති ඇදුරු තුමෝ...
උන් හට දොල දී බොරුවෙන් රැවටී 
අපි හැමදාමත් ඇටකටු ආතුරයෝ...
 
පෙරදිග මුතු ඇටයේ ඇටකටු මත
ඇස් ඉස් මස් ලේ පුදමු සත්‍යයේ නාමයෙන්...
 
කිරිපැණි පාගා තැඹිළි වතුර නා
පච්චවඩම් තිර හතක් මැදින්...
ඇදුරන් වැඩලා අප ගැන අඬළා
සැපදුක් ඇසුකළ අප හැම ආතුරයෝ...
 
පෙරදිග මුතු ඇටයේ ඇටකටු මත
ඇස් ඉස් මස් ලේ පුදමු සත්‍යයේ නාමයෙන්...

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS