කිරි මදු වැල්
Kiri Madu Wal

Song

කිරි මදු වැල් ගී පද / Kiri Madu Wal Lyrics

කිරිමදු වැල් කිරිමදු වැල් කිරි අම්මේ...
 
අපිත් කිරට අඬනා ළමයින් අම්මේ...
 
අනුන් දීපු බත් බඩ නොපිරෙයි අම්මේ...
 
ඈත ඉඳන් මට අඬ ගහපන් අම්මේ...
 
 
 
මළේ මළේ නොබනින් අපෙ අම්මා...
 
උඹත් මාත් දුන්දේ නැත උන්දෑට...
 
මොනදේ නැතත් දෙතනේ කිරි දුන්නාට...
 
බුදුන් වඳින ලෙස වැදපන් අම්මාට...
 
 
 
දරට ගිහින් අම්මා දැන් හුඟක් වෙලා...
 
මල්ලී අඬයි රස කිරි ටික මතක් වෙලා...
 
පැළපිට වැටෙන බිං කළුවර වලක්වලා...
 
අම්මා එන්න හඳපානේ හඳක් වෙලා...

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS