කලා වැවෙන් ගත් දිය දෝතක්
Kala Wawen Gath Diya Dothak Se

Song

කලා වැවෙන් ගත් දිය දෝතක් ගී පද / Kala Wawen Gath Diya Dothak Se Lyrics

කලා වැවෙන් ගත් දිය දෝතක් සේ
වටී වටී ඔබ මටමැ වටී
බෝධියකින් වට බෝ කොලයක් සේ
අගී අගී ඔබ මටමැ අගී
 
කැටපත් පවුරින් ගිලිහුණු කවියක්
සොරකම් කරගත් සෙරක ලෙසින්
සඟවා ගෙන ඔබ සුරකිමි හද ගැබ
තනිවම කියවමි පදරුත් පසිඳමි
 
සමනළ සිරසින් විහිදුනු බුදු රැස්
සියැසින් දැක ගත් මෙහෙණක මෙන්
පරමානන්දය ලබමින් ඔබ ළඟ
සගමොක් සැපතෙහි අම රස වළඳමි

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS