කාරි නෑ සඳ ගී පද / Kaari Naa Sanda Lyrics
ලියවුනා ඔබ ගැන කවි පෙලක්
මැල වුනා රෑ තුන් යාමයක්
හද පලා යන දුක එක්කහු කරගෙන
ඉන්නවා මම මග බලන්
හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මං
පුන්සඳක් පායන්නේ කොහොමත් මාසෙකට සැරයක් නේ බං
ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද
තාරුකා එලි ඇවිලිලා නැති පාළු අම්බරේ
පායනාතුරු බලා ඉන්නම් කන්ද පාමුලේ
වලාකුල් මැකිලා කවදා යයිද ආකහේ
ඵ්ලක් නැතිවත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේ
ඔබ පායනා දින කෙනෙකුට එලිය දෙන්නට
කාරි නෑ සඳ මගේ ලොව එලිය නොවුනට
ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
කාරි නෑ සඳ නුඹ දැක ගන්න නෑ අද
