හිරු අවරට යන
Hiru Awarata

Song

හිරු අවරට යන ගී පද / Hiru Awarata Lyrics

හිරු අවරට යන සැන්දෑ යාමේ
මතක පොතේ පිටු තුලට වැදී...
සොඳුරු හැඟුම් උණු කඳුළු බිඳක් වී
නෙතඟින් රූරා ගලා බසී...
 
 
මුදුඟිල්ලට රන් පැහැයක් එක්කර
දෑඟිළි හුයකින් වෙළාතියා...
මාහද අරණේ පිපුණු පැතුම් මල්
වසන්තයට පෙර පරව ගියා...
 
 
බොඳ කර රෑ දුටු සුන්දර සිහිනය
දුරු රටකට ඔබ  වෙන්ව ගියා...
මංගල යහනේ ආදර තිලකය
කඳුළින් පමණක් ඇඳී ගියා...

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS