හිමි නැති බව ගී පද / Himi Nethi Bawa Lyrics
රකට ඇවිදින් ආපසු හැරුණට හිත ඔබෙ වෙනස් වෙලා
හිස්වුණ ප්‍රේමයෙ පුදසුන හිමි මගෙ ඔබටයි මියෙන තුරා
හමුවුණු තැන් අපෙ පාරයි හිත මගෙ තාමත් හීන කඩා
එක සැරයක් මට කියලා යනවද වුණ මගෙ වරද ඔයා
හිමි නැති බව දැන දැන
ඔබ වෙත වෙත මගෙ හිත
ඇදෙනවා මටම හොරා
යන්නම් ඈතට කඩවුණු අළුවුණු සුන්වුණු
ඔබ දුන් හීන දරා //
නවතින්න හිතුවාට මගකින් ඔයා
සංසාර අපෙ ගමනට නැවතුම තියා
මට හිමි තැන දුන්නද වෙන හිතකට ඔයා
ඔබ මගෙ කඳුළු තව හිතක සතුටක් කළා
හිමි නැති බව දැන දැන
ඔබ වෙත වෙත මගෙ හිත
ඇදෙනවා මටම හොරා
යන්නම් ඈතට කඩවුණු අළුවුණු සුන්වුණු
ඔබ දුන් හීන දරා //
දිවුරාලා මට දුන්නු සැමරුම් එදා
හදවත් පතුලේ ගැඹුරෙම තැන්පත් වෙලා
හැම රෑක නොනිදාම සිහිපත් වෙනා
මට මගෙ නොවනා ආදරෙ මගෙ
තාමත් ඔයා
දුරකට ඇවිදින් ආපසු හැරුණට හිත ඔබෙ වෙනස් වෙලා
හිස්වුණ ප්‍රේමයෙ පුදසුන හිමි මගෙ ඔබටයි මියෙන තුරා
හමුවුණු තැන් අපෙ පාරයි හිත මගෙ තාමත් හීන කඩා
එක සැරයක් මට කියලා යනවද වුණ මගෙ වරද ඔයා
හිමි නැති බව දැන දැන
ඔබ වෙත වෙත මගෙ හිත
ඇදෙනවා මටම හොරා
යන්නම් ඈතට කඩවුණු අළුවුණු සුන්වු
