හංස ගීයද ගයන්නෙ මේ
Hansa Geeyada

Song

හංස ගීයද ගයන්නෙ මේ ගී පද / Hansa Geeyada Lyrics

හංස ගීයද ගයන්නෙ මේ ...
ජීවිතයේ අවසාන භාගයේ 
හංස ගීයද ගයන්නෙ මේ ...
 
එකම වරයි ඒ ගීය ඇසෙන්නේ 
දිව්‍යමයයි රන් ස්වරය සදා 
ප්‍රමුදිත වී අප මෙසේ ගයන්නේ
ඒ ගීතයමද ලෝ සනසා
 
ජීවිතයක ලද පරමානන්දය 
ක්ෂණයකි ඇසිපිය හෙලන තරම් 
ඊළඟ මොහොතේ හංස විලේ මේ 
ලොව්තුරු සුව බිඳ හෙලන තරම්

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS