හඳ රාහු මුකයෙහි ගිලුනා ලෙසේ
Handa Rahu Mukayehi

ORIGINAL SONG INFO
  • Vocal : K. Rani
  • Music : R. Muththusamy
  • Lyrics : W. Benadict Fernando

  • SongOriginal Song

    හඳ රාහු මුකයෙහි ගිලුනා ලෙසේ ගී පද / Handa Rahu Mukayehi Lyrics

    හඳ රාහු මුඛයේහි ගිලුනා ලෙසේ
     
    අඳුරූ විය ජීවිතේ මාගේ සෝකේ වෙලී...
    හඳ රාහු මුඛයේහි ගිලුනා ලෙසේ...
     
     
    වැටුනා මුලාවේ හී වැලහීන වෙමිනා...
    ගැලවීම නෑ.. කිසි කාලේ කෙදිනා...
    සැමදාම මේ සෝක ගිනිජාලෙ දැවිලා...
    සැමදාම මේ සෝක ගිනිජාලෙ දැවිලා...
    හිංසා උනා මාගෙ කර්මේ හි බලපා
    හඳ රාහු මුඛයේහි ගිලුනා ලෙසේ...
     
     
    හිමි ස්වාමි නෑ ප්‍රේම අනුකම්පා හර්දේ
    හිමි ස්වාමි නෑ ප්‍රේම අනුකම්පා හර්දේ
    පළිගන්ට සැරසේවි දේවාති සුරිඳේ...
    ස්ත්‍රින්ට කිසිදා නොවේවා මේ සෝකේ
    ස්ත්‍රින්ට කිසිදා නොවේවා මේ සෝකේ
    සුරණේ අනේ මා ව තනි වීය ලෝකේ...
    හඳ රාහු මුඛයේහි ගිලුනා ලෙසේ
     
    අඳුරූ විය ජීවිතේ මාගේ සෝකේ වෙලී...
    හඳ රාහු මුඛයේහි ගිලුනා ලෙසේ...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS