හද විල කලඹන ගී පද / Hada Vila Kalabana Lyrics
හද විල කලඹන පෙම් ජල රේඛා
ඒ විල මැද සීතල සඳ රේඛා......
දෑසෙහි තවරා ආදර රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා....
වරලස අක් බඹරුන් රැඳි රේඛා
දෙනෙතෙහි නිලූපුල් මල් පෙති රේඛා...
වරලස අක් බඹරුන් රැඳි රේඛා
දෙනෙතෙහි නිලූපුල් මල් පෙති රේඛා...
දෙතොලෙහි ආදර හසරැලි රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා.......
හද විල කලඹන පෙම් ජල රේඛා
ඒ විල මැද සීතල සඳ රේඛා......
දෑසෙහි තවරා ආදර රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා....
නීල පළිඟු කැට නෙත් මිණි රේඛා
බාල චන්දනී නළලත රේඛා......
නීල පළිඟු කැට නෙත් මිණි රේඛා
බාල චන්දනී නළලත රේඛා......
ආල නුරාවෙන් බැඳි රන් රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා......
හද විල කලඹන පෙම් ජල රේඛා
ඒ විල මැද සීතල සඳ රේඛා......
දෑසෙහි තවරා ආදර රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා....
දෑළ ළමැද රන් ගෝමර රේඛා
ඈතදි පෙන්වන කෝමල රේඛා......
දෑළ ළමැද රන් ගෝමර රේඛා
ඈතදි පෙන්වන කෝමල රේඛා.......
මෑතදි බැලූ විට ආදර රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා......
හද විල කලඹන පෙම් ජල රේඛා
ඒ විල මැද සීතල සඳ රේඛා......
දෑසෙහි තවරා ආදර රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා....
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා....
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා....
