ගොවිඳුනි මේ සිරි යහනේ
Govinduni Me Siri Yahane

Song

ගොවිඳුනි මේ සිරි යහනේ ගී පද / Govinduni Me Siri Yahane Lyrics

ගොවිඳුනි මේ සිරි යහනේ
විරහී වැළහින්නකි මා
රතිකෙලි රමණි
සිහිකර පැරණී
යමුනා නදියද කැළඹේ...
ගොවිඳුනි මේ සිරියහනේ....//
 
පියයුරු මඩලේ 
තැවරුණු දෙතොලේ 
සුවඳින් සැනහෙමි 
මිහිරේ.....//
හීසර මෙන් හද දවමින්
තුරු සිදුරින් එයි සඳකැන් 
යෝනන් නැළවෙන මේ රෑ 
වියොවින් කැළැඹෙයි රාධා...
 
ගොවිඳුනි මේ සිරියහනේ ....
 
වස්දඬු රාවේ
හඬ අනුරාගේ
පැතිරේ  දෙසවන් පෑරේ..//
මද රදගෙන් ලැබ රිදවුම් 
තුණුසපුවෙන් නැත ගැළවුම් 
සළෙලුන් වෙහෙසෙන මේ රෑ 
වියොවින් කැළැඹෙයි රාධා ....
 
ගොවිඳුනි මේ සිරියහනේ .....

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS